වැඩි දියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno විසින් මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අද (23) අත්සන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය, යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 08 ක ප්‍රදානය මඟින් මූල්‍යනය කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.
හායනය වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇති බවත්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩිවෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින්, පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමටත් දායක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.