25 C
Colombo
Friday, June 5, 2026

කුෂ් අරගෙන ලංකාවට වැඩිය චීවරධාරීන් 23දෙනා 26 දක්වා යළි රිමාන්ඩ්

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ එම සැකකරුවන් අද (12) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

පසුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව චීවරධාරීන් 23දෙනාම එළඹෙන 26 දක්වා අද දිනයේ යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles