25 C
Colombo
Friday, June 5, 2026

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මෙම නිවේදනය අද (12) පස්වරු 4:00 සිට හෙට (13) පස්වරු 4:00 දක්වා වලංගු බවයි සඳහන්.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම (තැඹිලි) නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ ජනතාව නායයෑමේ ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානමින් සිටිය යුතු බව සඳහන්.

මේ අතර පළමු මට්ටමේ අනතුරු ඇඟවීම (කහ) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල: බණ්ඩාරවෙල, කළුතර: වලල්ලාවිට, මහනුවර: උඩපළාත, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, ගඟවට කෝරළේ, දොළුව, පස්බාගේ කෝරළේ සහ පන්විල අයත්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ඇතුළත්.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කෝරළේ සහ රත්තොට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බඩල්කුඹුර සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ගොඩකවෙල සහ රත්නපුර ප්‍රදේශද අයත්.

අදාළ ප්‍රදේශවල පොළොවේ ඇතිවන ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, හදිසියේ දිය උල්පත් මතු වීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles