ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 133ක් රැස්කළේය.
ඒ අනුව මෙම තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 134කි.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ රැඳී සිටීමට නම් අනිවාර්යෙන්ම මෙම තරග ජය ගතයුතු වන අතර යම් හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවෙයි.