ඩිජිටල් ආර්ථිකයේ නව පෙරලියක් කරමින් පේපැල් ගණුදෙනු ක්‍රමය හෙට (14) සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී තිබෙනවා.
මීට පෙර මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද ඒ සඳහා අපහසුතා මතු වුණා.
කෙසේ වෙතත් හෙට (14) සිට පේපැල් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිටින පරිශීලකයින්ට පේපැල් හරහා ජාත්‍යන්තර ගෙවීම් සිදු කළ හැකියි.
වෙබි අඩවිවලින් භාණ්ඩ මිලදීගැනීමට සහ වෙනත් විදේශීය සේවාවලදී මෙම ගෙවිම් ක්‍රමවේදය භාවිතා කළ හැකිය.
ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන බෙඩිට් , ක්‍රෙඩිට් වැනි ගෙවීම් කාඩ්පතක් පේපැල් ගිණුමට සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම විදේශයක සිටින අයෙකුට පේපැල් ගිණුමක් වෙත මුදල් යොමු කිරීම ද සිදු කළ හැකියි.
ලොව ඕනෑම රටක වෙබ් අඩවි සහ සේවාවන් මිලියන ගණනක් පේපැල් ගෙවීම් භාරගන්නා අතර විශේෂයෙන් විශ්වවිද්‍යාල ගාස්තු ගෙවිම් මේ තුළින් පහසු වනවා.
මෙම ගණුදෙණුව සිදු කිරීමේදී කෙඩ්‍රිට් හෝ ඩෙබිට් කාඩ්පත් අංක වෙබ් අඩවියට ලබාදීම අවශ්‍ය නොවන අතර පේපැල් ගෙවීම් සිදු කිරීමේදී අවශ්‍ය වන්නේ විද්‍යුත් තැපෑල පමණයි.
ඒ හේතුවෙන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාවීමට මෙය වැදගත් අවස්ථාවක් වනවා.
පේපැල් ගිණුමක් ආරම්භ කිරීමට හෝ එය පවත්වාගෙන යාමට මාසික ගාස්තු අය නොකිරීම ද විශේෂත්වයක්.
එමෙන්ම ගෙවීම් සිදු කිරීමේදී ගැණුම්කරුගෙන් අමතර ගාස්තු අය කිරීමක් ද සිදු නොකරයි.
ඕනෑම ස්ථානයක සිට පේපැල් හරහා ගණුදෙණු පරික්ෂා කිරීම හා ගෙවීම් කළමනාකරණය කිරීමට ද ඉතා පහසුවෙන් හැකිවීම විශේෂත්වයක් වනවා.

