ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 133 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 20 ක්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 15 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 50 ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 2 ක්, Hussain Talat කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.