25 C
Colombo
Friday, June 5, 2026

2016 වසරේ UN කාර්යාලය අසල උද්‍ඝෝෂණය ගැන විමල් ඇතුළු පිරිසට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 කැඳවීමට නියෝග

2016 වසරේදී, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ, විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ.

2016 පෙබරවාරි 06 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles