ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ඔහුගේ දූරදර්ශී නායකත්වය අගයමින් ස්වීඩන රජය විසින් පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘ද රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමා ඇත.
දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනයට පැමිණි ඉන්දීය අගමැතිවරයාව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.
මෙම සම්මානයත් සමඟ අග්‍රාමාත්‍ය මෝදි විදේශ රටකින් ලැබූ 31වැනි ජාත්‍යන්තර ගෞරව සම්මානය ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
සිය යුරෝපා සංචාරයේ තුන්වන නැවතුම ලෙස ස්වීඩනයේ ගොතන්බර්ග් ගුවන් තොටුපළ වෙත ළඟා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරටින් ඉහළ රාජ්‍ය පිළිගැනීමක් හිමිව තිබේ.
1748 වසරේදී ආරම්භ කර ඇති මෙම ‘රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්’ සම්මානය, ස්වීඩනය වෙනුවෙන් හෝ එරට අවශ්‍යතා වෙනුවෙන් සිදුකළ සුවිශේෂී පුද්ගලික කැපවීම් මෙන්ම පොදු කටයුතු සහ රාජ්‍ය රාජකාරි සාර්ථකව ඉටු කිරීම ඇගයීම උදෙසා පිරිනමන්නක් බව එරට නිල වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.

