30.6 C
Colombo
Friday, June 5, 2026

ජී.එල්,නිමල්,අජිත්,සුගී­ෂ්වර එකතු වී මානව හිත­වාදී විප­ක්ෂ­යක් හදයි – ටිල්වින්ට එරෙහි පැමි­ණි­ල්ල­කුත් දමයි

ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හම්බ­න්තොට ප්‍රදේ­ශයේ පැවැති මැයි දින රැලි­යක් අම­ත­මින් සිදු කළ ප්‍රකා­ශ­ය­කට විරෝ­ධය දක්වන ලිපි­යක්, ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී සිදුව ඇතැයි පැව­සෙන අක්‍ර­මි­කතා හා දූෂණ සෙවීම සඳහා පත් කරන ලද විශේෂ ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභා­වට විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ කිහි­ප­ය­කින් සම­න්විත ‘මානව හිත­වාදී ඒකා­බද්ධ විප­ක්ෂය’ නම් සංවි­ධා­නය ඊයේ (19දා) භාර දුන්නේය.

ටිල්වින් සිල්වා මහතා සිය මැයි දින කතා­වේදී ප්‍රකාශ කර තිබුණේ මාස තුන­කට පසු කොමි­සමේ වාර්තාව නිකුත් කිරී­මට නිය­මිත බවත් ඉන් වර්ත­මාන රජය වැරැ­ද්දක් නොකළ බව සනාථ වන බව හා වංචා කළ තැනැ­ත්තන්ට සිර­ඳ­ඩු­වම් විඳී­මට සිදු­වන බවයි.

මෙම ප්‍රකා­ශ­යට විරෝ­ධය දක්ව­මින් ‘මානව හිත­වාදී ඒකා­බද්ධ විප­ක්ෂය’ට අයත් පක්ෂ සහ පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­ර­යාට ලිපි­යක් භාර දී ඇත.

මානව හිත­වාදී ඒකා­බද්ධ විප­ක්ෂය නියෝ­ජ­නය කර­මින් මහා­චාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරි­පාල ද සිල්වා (ශ්‍රීල­නිප), අජිත් මාන්න­ප්පෙ­රුම (එජාප), අසංක නව­රත්න (මහ­ජන පක්ෂය), බන්දුල චන්ද්‍ර‍ෙ­ස්කර (එක්සත් ජන­රජ පක්ෂය), සුගී­ශ්වර බණ්ඩාර (නව ජනතා පෙර­මුණ), පේශල සේර­සිංහ (සම­ස­මාජ) යන මහ­ත්වරු මෙම ලිය­වි­ල්ලට අත්සන් තබා ඇත.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ ‘සත්‍ය ගවේ­ෂ­කයෝ’ සංවි­ධා­නයේ කැඳ­වු­ම්කාර ප්‍රේම­නාත් සී. දොළ­වත්ත මහතා එහිදී මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් ගල්අ­ඟුරු කොමි­සම යනු දූෂිත දේශ­පා­ල­න­ඥ­යන් සහ නිල­ධා­රීන් රැක ගැනීම සඳ­හාම නිර්මා­ණය කරන ලද තිර­නා­ට­ක­යක් බව කියා සිටි­යේය. ටිල්වින් සිල්වා මහතා සිදු­කළ අභද්‍ර ප්‍රකා­ශය හේතු­වෙන් කොමි­සමේ ස්වාධී­න­ත්ව­යට සහ සමස්ත විම­ර්ශන ක්‍රියා­ව­ලි­ය­ටම විශාල කළු පැල්ල­මක් වැදී ඇති බවත්, “අපේ ඇමැ­ති­වරු නිද­හස් වන බවත් අනෙක් අය වැර­දි­ක­රු­වන් වනවා” යනු­වෙන් පැව­සීම අධි­ක­ර­ණ­යට සහ කොමි­ස­මට සිදු කළ බර­ප­තළ අප­හා­ස­යක් බැවින් ගල්අ­ඟුරු වංචාව සෙවී­මට ප්‍රථම මෙම ප්‍රකා­ශය පිළි­බඳ විධි­මත් විම­ර්ශ­න­යක් කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටි­යේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles