යුද්ධය සිදුකළේ දමිල ජනතාවට විරුද්ධව නොව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින්.
එහිදී අදහසක් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”විශේෂයෙන්ම වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා. මැයි 18 දිනය තමයි අවසන් කරේ මැයි 19 දිනක තමයිි පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එය නිල වශයෙන් දැනුම් දුන්නේ. ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම් කෙරුවා.රණවිරුවා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම මෙරටේ පුරවැසියා දමිළ සිංහල හින්දු ඒ වගේම මේ රටේ හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා.ඒ වගේම අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි උනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා තමයි බහුතරය අය අද නිදහසේ ඉන්නේ. අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි.
ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දවස්වල පාසල් යන දරුවාගේ කරට දුන්නේ සයනයිඩ් කරලක්. ඒ සයිනයිඩ් කරල ගලවලා අතට පෑන දීලා අද උසස් පෙළින් ලංකාවේ එක දෙක තුන අතරට එන්න පුළුවන් තත්වෙට අද උතුර පළාත පරිවර්තනය වුනේ මේ ත්‍රස්තවාදය අවසන් කරපු නිසා.යටිතල පහසුකම් සංවර්ධනය මේවා ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ ගෞරවය එදා හිටපු රණවිරුවන්ට නායකයන්ට දෙන්න බැරි නම්මේ අයට නම් ඒ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද මේ අයගේ ඉතිහාසයත් බල නහර කපපු ඉතිහාසයක් තියෙන්නේ.”

