30.6 C
Colombo
Friday, June 5, 2026

වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් මාර්ග පද්ධතියට ලක්ෂ 17ක හානියක්

වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනතුර හේතුවෙන් අඩි 200ෙකට ආසන්න ප්‍රමාණයක දුම්රිය පීලි, සිල්පර සහ දුම්රිය මාර්ග කොටස් වලට හානි සිදුව ඇති බවයි.

එම හානි වූ කොටස් මේ වනවිට පිළිසකර කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරි හානි තක්සේරුව මේ වනවිට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව එම අංශ දෙකෙහි තක්සේරුව සහ මාර්ග පද්ධතියට වු හානිය තක්සේරුව එකතු කර සම්පුර්ණ හානිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රවහන සහ මහාමාර්ග අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles