30.6 C
Colombo
Friday, June 5, 2026

සංචාරකයින් 2,380ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය අධිකාරිය සතු ECTජැටියට පැමිණ තිබේ. 

මෝල්ටා (Malta)ධජය යටතේ යාත්‍රාකරන මෙම නෞකාවේ 951ක කාර්යය මණ්ඩලයක් සේවය කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් වෙයි.

මෙලෙස පැමිණි සංචාරකයින් සංස්කෘතික කලා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් පිළිගැනීමට අදාළ සංචාරක සමාගම් විසින් කටයුතු සම්පාදනය කර තිබිණි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles