25 C
Colombo
Friday, June 5, 2026

ගොවීන්ගේ පීඩනය අඩු කිරීම සඳහා තණකොළත් කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යනවා – පා. මන්ත්‍රී සුනිල් බියන්විල

මේ වනවිට කෘෂිකර්මය තුළ විශාල විප්ලවයක් සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදීයි.

එසේම කිරි ගොවියා ශක්තිමත් කිරීම සඳහා දිනකට නිෂ්පාදනය කිරීමට සමත් ලීටර් ලක්ෂ දහය ලක්ෂ තිහක් දක්වා වර්ධනය කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

තවද, ගොවීන්ගේ පීඩනය අඩු කිරීම සඳහා තණකොළ ද කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩා වැටෙන මොහොතේ වී ගොවියා ද පහළට වැටුණු බවත්, සිය ආණ්ඩුව පත්වූ පසු පුරන් වූ කුඹුරු නැවතත් අස්වැද්දීමට කටයුතු කළ බවත්, ඔහු පැවසුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මහ කන්නේ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කළා.

ලෝක අර්බුදය ඇතුළේ ගොවීන් ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්, එම ප්‍රශ්න කළමනාකරණය කර ගොවීන්ට අවශ්‍ය පහසුකම් සකසන්න වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles