30.6 C
Colombo
Friday, June 5, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාස 5කදී ට්‍රිලියනයකට අධික බදු ආදායමක් උපයයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මැයි 18 වැනිදා වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස්කරගෙන ඇත.

රටේ මූල්‍ය ස්ථාවරත්වය හා මහජන සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද විධිමත් බදු පරිපාලන ක්‍රියාවලිය සහ මෑතකදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ මෙම වාර්තාගත ආදායම උපයා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

වසරේ මුල් මාස 5කට ආසන්න කාලසීමාවක් තුළ මෙවැනි ඉහළ බදු ආදායමක් සනිටුහන් කිරීම මෙරට රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ සඳහන් කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles