25 C
Colombo
Friday, June 5, 2026

තත්ත්වය නරක අතට හැරීමට පෙර ක්ෂණික ක්‍රියාමාර්ග ගන්න – සජිත්

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (22) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

මෙහිදී ඔවුන් කථානායකවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

“රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇත. අපට පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැත. අද අනෙකුත් පක්ෂ නායකයින් සමග එක්ව කථානායකවරයා හමුවී පවතින අර්බුදය පිළිබඳ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෙමු. තත්ත්වය නරක අතට හැරීමට පෙර ජනතාවට අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වෙයි.” යනුවෙන් විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles