30.6 C
Colombo
Friday, June 5, 2026

එකම දිනක වැඩිම පිරිසක් එවරස්ට් තරණය කරමින් ලෝක වාර්තාවක්

එකම දිනකදී වැඩිම පිරිසක් එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ලොව උසම කඳු මුඳුන වන එවරස්ට් කන්ද නේපාලය දෙසින් මෙලෙස තරණය කර ඇති කඳු නගින්නන් සංඛ්‍යාව 274ක්.

මීටර් 8,849 (අඩි 29,032)ක් උසැති එවරස්ට් කන්ද නේපාලය සහ චීනයේ ටිබෙට් කලාපය අතර පිහිටා ඇති අතර, දෙපසින්ම කන්ද තරණය කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, චීන බලධාරීන් විසින් මෙවර කඳු නැගීමේ අවසර පත්‍ර නිකුත් කර නොමැති බැවින් ටිබෙට් පාර්ශ්වයෙන් කඳු නගින්නන් නොසිටි බවට සඳහන් වෙනවා.

නේපාල ගවේෂණ මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ මහලේකම් රිෂි භණ්ඩාරි ප්‍රකාශ කර ඇත්තේ, මීට පෙර නේපාල පාර්ශ්වයෙන් වැඩිම පිරිසක් එවරස්ට් කන්ද තරණය කර තිබුණේ 2019 වසරේ මැයි 22 වැනිදා බවත්, එම සංඛ්‍යාව 223ක් බවත්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles