මැල්සිරිපුර, නාඋයන ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ සිදුවූ අනතුරින් අපවත් වූ විදේශීය භික්‍ෂූන් වහන්සේගේ තුන් නමගේ ආදාහන කටයුතු ශ්‍රී ලංකාවේදී සිදුකිරීම සඳහා අවධානය යොමු වී ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු ලේකම්වරයා හරහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින බවයි අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම ආදාහන කටයුතු ගැන සාකච්ඡා කිරීම සඳහා අද රාත්‍රි 7.00 ට විශේෂ සාකච්ඡාවක් නා උයන ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකෙරෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඉහත අනතුරින් ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා සිවු නමක් අපවත් වී ඇති අතර, තවත් භික්ෂූන් වහන්සේලා හය නමක් තුවාල ලබා ඇති බවත්, එයින් දෙනමක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.