25 C
Colombo
Friday, June 5, 2026

පිටිපන මහා විද්‍යාලයේ 125වන සංවත්සර මහෝත්සවය ආවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් දැඩි බාධා

බප/මීග/ පිටිපන මහා විද්‍යාලයේ 125 වන සංවත්සර මහෝත්සවය ආවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල වී තිබේ.

පාසල් සිසු සිසුවියන්ට තෑගි ප්‍රදානය කිරීම ඇතුළු උත්සවයේ සුවිශේෂී අවස්ථාවන්හි දර්ශන (Visuals) ලබාගැනීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ට මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් විසින් ඉඩ ලබා නොදී ඇත. ආරක්ෂකයින්ගේ මෙම දැඩි හා රළු ක්‍රියාකලාපය හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය නිසි ලෙස කර ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ආගමික නායකයෙකු සහභාගී වූ මෙවැනි ප්‍රසිද්ධ සමාජයීය උත්සවයකදී, තොරතුරු හා දර්ශන වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට මෙලෙස බාධා කිරීම පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කණගාටුව සහ විරෝධය පළවෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles