මැයි මාසයේ උද්ධමනය 6%කට වඩා සුළු වශයෙන් අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එමෙන්ම අද දිනයේ මහ බැංකු පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා සිටියේ, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීම හමුවේ ඉදිරියේදී මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

