30 C
Colombo
Tuesday, October 7, 2025

මන්ත්‍රී ප්‍රසාද් පාර්ලිමේන්තු කුස්සිය බලන්න යයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කරන්නට ගොස් තිබේ.

පාර්ලිමේන්තු කුස්සිය අපිරිසිදු වී ඇති බවත් මීයන් ගැවසෙන බවත් කථානායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්‍ෂණය කළ බව අමිල ප්‍රසාද් මහතා කීය.

එහි ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් කථානායකවරයා කියන ආකාරයේ අපිරිසිදුවක් නැති බවත් අමිල  ප්‍රසාද් මහතා  සඳහන් කරයි.

පාර්ලිමේන්තු මුළුතැන් ගේ උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින්නේ යැයි ද  ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක ඇතැයි ද  අමිල ප්‍රසාද්  මහතා සිය නිරීක්‍ෂණයෙන් පසුව සඳහන් කරයි.

එහි පිටාර පංකා (Exhaust Fans) අක්‍රීය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ  පවතින බව ද නිරීක්ෂණ වූ බව මන්ත්‍රීවරයා කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles