30.6 C
Colombo
Friday, June 5, 2026

අඩු වියදමින් විදුලිය ජනනය කිරීමේ මන්නාරම බලාගාර ව්‍යාපෘතියේ සුළං ටර්බයින පෙති ලංකාවට

අඩු වියදමින් විදුලිය ජනනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) කොළඹ වරායට රැගෙන ආ බව වාර්තා වේ.

මන්නාරම ප්‍රදේශයේ පවතින ප්‍රබල සුළං ධාරිතාව උපරිම ලෙස උපයෝගී කරගනිමින් ජාතික විදුලි පද්ධතියට අඩු පිරිවැයකින් විදුලිය එක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

විදුලි ඒකකයක නිෂ්පාදන වියදම අවම කිරීම, ඉන්ධන ආනයන වියදම අඩු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා මෙවැනි සුළං බලශක්ති ව්‍යාපෘති විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles