අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලු බව කියන සිද්ධියට අදාලව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (28) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් වුණා.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ නමැත්තායි.

