30.6 C
Colombo
Friday, June 5, 2026

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ ඔහු විසින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්දගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුවයි.

පත්වීම ලැබීමෙන් පසු සේවයට වාර්තා කළ දිනයේ තම සේවය අවශ්‍ය නොවන බවත් කාර්යාලයෙන් පිටව යන ලෙසත් සඳහන් කරමින් ලේකම්වරයා දැනුම් දුන් බව පවසමින් අතිරේක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එහි තීන්දුව ලබාදෙමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ, රාජ්‍ය නිලධාරියෙකු මෙලෙස අවමානයට හා මානසික කනස්සල්ලට ලක් කිරීමෙන් අමාත්‍යාංශ ලේකම්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම, රාජ්‍ය නිලධාරියෙකු පත් කිරීමේ ක්‍රියාපටිපාටින් ද උල්ලංඝනය කර ඇති බවයි.

ධුරයෙන් ඉවත්වෙන මහාචාර්ය කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්.

ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයද හොබවනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles