25 C
Colombo
Friday, June 5, 2026

ඩුබායි සුද්දා රිමාන්ඩ්

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රී ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ‘ඩුබායි සුද්දා’ ජූනි මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා අද (2) නියෝග කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දින (01) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ. 

සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට විදේශ රැකියා සඳහා බඳවාගැනීම නීතිවිරෝධි වන අතර, ඔබ හෝ ඔබගේ පවුලේ ඥාතියෙකු විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයාට මුදල් ලබාදී මෙම ජාවාරමට හසුවී ඇති අයෙකු නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112882229 අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles