ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.
1972 වසරේ සිට දශක පහකට වැඩි කාලයක් කාලීන පාරිසරික තේමාවක් යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට සහ ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.
මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් “Urgent Climate Action” (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කෙරේ.

