මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ දේපළ කිහිපයකි.
පොලිසිය පැවසුවේ අදාළ ජාවාරම්කාරියගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා තොටළඟ ප්‍රදේශයේ පිහිටි පර්චස් 1.30ක ඉඩම හා පර්චස් 0.75ක් සහිත ඉඩම මෙන්ම තෙමහල් නිවස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිත කර ඇති බවය.
අදාළ දේපළ සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර බලාත්මක කර ඇති අතර අද (05) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලීසිය විසින් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.

