අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට අයත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ඇතුළු උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම ආයුධ සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එම ගිනි අවිය ඇතුළුව, T-56 මැගසින් 04 ක් සහ T-56 වර්ගයේ උණ්ඩ 500 කට අධික ප්‍රමාණයක්ද මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.