31 C
Colombo
Tuesday, October 7, 2025

සුපිරි පන්දුවාරයෙන් තරගයේ ජය ඉන්දියාවට

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටයේ පැවැත්වෙන අවසාන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Abhishek Sharma ලකුණු 61 ක්, Tilak Varma නොදැවී ලකුණු 49 ක් හා, Sanju Samson ලකුණු 39 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, දුෂිමන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක හා චරිත් අසලංක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී ලකුණු තත්ත්වය සම කළ අතර, ඒ හේතුවෙන් සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 107 ක් සහ කුසල් ජතිත් පෙරේරා ලකුණු 58 ක් ලබා ගත්තා.

සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 2 ක් ලබාගත් අතර ලකුණු 3 ක ජයග්‍රහී ඉලක්කය හිමි කර ගනිමින් ඉන්දියාව තරගය ජය ගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles