28 C
Colombo
Tuesday, October 7, 2025

පොලිසියේ උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවයි.

මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත්, එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන්ව තිබෙනවා.

මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බවද ඔවුන් සඳහන් කරනවා.

එහෙත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ, මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවයි.

මෙම විභාගයේදී විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සදහන් වනවා.

ඒ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles