29 C
Colombo
Tuesday, October 7, 2025

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසලින් ආයුධ තොගයක් හමුවෙයි

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල තිබී LMG, T 56 හා T 81 ඇතුළු අවි ආයුධ තොගයක් සහිත පොහොර මළු දෙකක් ඊයේ ( 30)  සවස පොලිස් භාරයට ගත් බව කතරගම පොලිසිය පවයි.

මෙලෙස පොලිස් භාරයට පත් වූ අවි තොගය අතර T 56 මැගසින් 74ක්, T 56  LMG මැගසින් 36ක් , T 81 උණ්ඩ ,පතුරම් බහාලන පෙට්ටි 02ක් ඇතුළුව හදුනාගෙන නොමැති දිරා ගිය උණ්ඩ තොගයක් ඇතුළු  විවිධ ආයුධ කොටස් කිහිපයක්ද වන බව කතරගම පොලිසිය පවසයි.

කතරගම, ලුණුගම්වෙහෙර හා ගෝනගංආර යන පොලිස් වසම් වලට මායිම් වන්නට මෙම වෙහෙරගල ජලාශය පිහිටා ඇති අතර ආයුධ හමු වු ප්‍රදේශය කතරගම පොලිස් බළ ප්‍රදේශයට අයත් කොටසකි.

පසුගිය දිනවල පැවති දැඩි නියං සහිත කාලගුණයත් සමග වෙහෙරගල ජලාශයේ ජල මට්ටම පහල යාමත් සමග මෙම අවි ආයුධ දමා තිබූ පොහොර මළු එහි ගිය පිරිසක් දැක මේ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව කතරගම පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශණ ආරම්භ කර ඇති අතර සිද්ධිය පිළිබදව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබේ.

වෙහෙගල ජලාශයෙන් හමු වු මෙම අවි ආයුධ සම්බන්ධයෙන් යුධ හමුදාවේ නිළධාරීන් කණ්ඩායමක්ද එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස හමු වු මෙම ආයුධ කොටස් අද ( 01) දින බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ජලාශයේ ජල මට්ටමද අඩුකර ගොඩ ගැනීම සඳහා මෙහෙයුමක් සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විමර්ශන පවත්වයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles