29 C
Colombo
Tuesday, October 7, 2025

වැලිගම නගර සභාවේ නිලධාරින් සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වෙයි

වැලිගම නගර සභාවෙි උප සභාපතිවරයා විසින් නගර සභාවෙි ගණකාධිකාරිවරයාට තර්ජනය කළ බවට පවසමින් නගර සභාවේ නිලධාරින් සිය රාජකාරී කටයුතුවලින් බැහැර වෙති.

වැලිගම නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු විසින් පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ණය මුදලක් අයදුම්කර තිබූ බව සදහන් එ අනුව එම මුදල ඉතා හදිසි බවත්  එය ඉක්මනින් ලබා දෙන ලෙස වැලිගම නගර සභාවේ උප නගරාධිපති (ස්වාධීන කණ්ඩායම ) අරින්ද්‍ර සනත් කුමාර මහතා විසින් නගර සභාවේ ඝනකාධිකාරිවරයා ලෙස කටයුතු කරන නුවන් උදේ කුමාර මහතාගෙන් ඉල්ලා සිට තිබේ.

එහිදි උප සභාපතිවරයා විසින් බැන තර්ජනය කළ බවට සදහන් වන අතර මෙ පිළිබඳව ගණකාධිකාරිවරයා විසින් වැලිගම පොලිසිය පැමිණිලි කොට ඇති බව වැලිගම පොලිසිය පවසයි.

කෙසේ නමුත් දේශපාලනඥයන් විසින් නිලධාරීන්ගේ රාජකාරියට අත්තනෝමතික ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එ සදහා සාධාරණ විසඳුමක් ඉල්ලා සිටිමින් නගර සභාවේ ඝණකාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් සිය රාජකාරී කටයුතුවලින් බැහැරව නගර සභාවේ දොරටුව අසල රැඳී සිටියහ.

නගර සභාවේ නගරාධිපති (ජාතික ජන බලවේගය ) අෆ්රාෂ් මොහොමඩ් මහතා අද දින ගාල්ල ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩසටහනකට සහභාගි වී සිටි අතර ඒ පිළිබඳව සැලවීමෙන් පසු වහාම පැමිණ නිලධාරීන් සමඟ සාකච්ඡාවෙන් පසුව පැවති විරෝධතාවය අවසන් කිරීමට කටයුතු කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles