30 C
Colombo
Tuesday, October 7, 2025

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14කට නව පත්වීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ඔෂාන් හේවාවිතාරණ මහතා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

මත්ද්‍රව්‍ය දිසාවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ, මීගමුව කොට්ඨාසයේ රාජකාරි කළ අසෝක ධර්මසේන මහතාය.

මීට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව පත්වීම් ලබා දි තිබේ.

සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කල ජී.එන්. ද සොයියා මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරන ලදි.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ . සේනාධීර මහතා රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කරනු ඇත.

ජේ.ඒ.කේ ජයසිංහ මහතා බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

ඔහු මීට පෙර නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles