30 C
Colombo
Tuesday, October 7, 2025

හිටපු ඇමති මහීපාලගේ බිරියගේ වැව් රක්ෂිතයේ තිබූ හෝටලය කඩා දමයි

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වූයේ එහිදීය.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබිණි.

මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල් ද දමා අවසන් කර ඇත.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක් ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේ දී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles