29 C
Colombo
Tuesday, October 7, 2025

සිංහ – කැන්ගරු සටන අද

2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගිවන මූලික වටයේ දෙවැනි තරගය වත්මන් එක්දින ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමග අද(04) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාවේදී මුහුණ දෙන පළමු තරගයද මෙයයි.

සමාරම්භක තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වී යළි ජයග්‍රාහී රිද්මයට පැමිණීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට එක්වෙද්දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් මෙම තරඟයට පිවිසෙන්නේ නවසීලන්තයට එරෙහිව ලද සුපිරි ජයග්‍රහණයෙන් අනතුරුවයි.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය මෙය වන අතර කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගී වන දෙවැනි තරගය මෙය වනවා.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග ගණන 11ක්.

එම තරග 11ම ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අවස්ථා 7කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා තිබෙන අතර අවසන් වරට පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියද ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles