31 C
Colombo
Tuesday, October 7, 2025

බැකෝ සමන්ගේ මස්සිනාට දවස් 07ක රැඳවුම් නියෝග

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු දින 07ක රැදවුම් නියෝග මත රඳවා තබා ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළා.

විදෙස් ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත ඔහුගේ මස්සිනා පසුගිය පළමු වැනිදා පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදි සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨසය වෙත භාරදී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තොල් අවියක්, පතරොම් 01ක් සහ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles