29 C
Colombo
Tuesday, October 7, 2025

තාජු­ඩීන් ඝාත­නය වෙද්දී කජ්ජා මහින්දගේ අමාත්‍යාංශයක රියැදුරෙක් – CIDය අනාවරණය කරයි

රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන්ගේ ඝාත­නය සිදු වන විට අනුර විදා­න­ග­මගේ නොහොත් කජ්ජා ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක රියැ­දු­රෙක් ලෙස කට­යුතු කර­මින් සිට ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා යටතේ පැවති ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක ඔහු රියැ­දු­රෙක් ලෙස සේවයේ නිර­තව සිට ඇති බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි කර­ගෙන තිබේ.

තාජු­ඩීන් ඝාත­නය සහ කජ්ජා අතර යම් සම්බ­න්ධ­යක් ඇති බවට ප්‍රබල සැක මතු වන තොර­තුරු ද මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට ලැබී ඇත.

තාජු­ඩීන් ඝාත­නය වූ දිනත්, ඊට පෙර සහ පසු­දි­නත් කජ්ජා රැඳී සිටි ස්ථාන සහ ඔහු දුර­ක­ත­න­යෙන් සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන් ආදී තොර­තුරු ද මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­කයෝ රැස්ක­ර­මින් සිටිති. ඒ සඳහා දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් ද මේ වන විට සිදු කර­මින් ඇත්තේ කජ්ජා විසින් භාවිත කළ දුර­ක­තන අංක ඔස්සේය.

රිය අන­තු­ර­කින් සිදු වූ මර­ණ­යක් ලෙස හැඟ­වෙන ලෙස තාජු­ඩීන් ඝාත­නය කර නාරා­හේ­න්පිට, මල්පාරේ සිරුර දමා ගොස් තිබුණේ මෝටර් රථ­යක් තුළයි. 2012 මැයි මස 17 වැනිදා අලු­යම් කාල­යේ­දීය‍. මෝටර් රථය ශාලිකා ක්‍රීඩාං­ග­ණයේ තාප්පයේ ගැටී ගිනි ගැනී­ම­කට ද ලක්ව තිබුණි.

තාජු­ඩීන්ගේ සිරුර තිබෙන්නේ රියැ­දුරු අසු­නට යාබද අසු­නේය. මෝටර් රථයේ ආර­ක්ෂක බඳ පටිය පවා ඔහු දමා­ගෙන සිටි බවට සාක්ෂි කොළඹ දකුණ කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර (සොකෝ) නිල­ධා­රීන් විසින් සොයා ගත්තේය. ඒ් අනුව මෝටර් රථය මිය­ගොස් සිටි තාජු­ඩීන් විසින් පදවා නොති­බුණි. ඒත් ඒ වන විට මෝටර් රථය පැදවූ රියැ­දුරු එහි නොවීය.

තාජු­ඩීන් විසින් මෝටර් රථයේ රියැ­දුරු ලෙස ඒ මොහොතේ කට­යුතු කර නැති බවට පැහැ­දිලි විම­ර්ශ­නා­ත්මක සාක්ෂි පැව­තිය ද එකල කොළඹ නියෝජ්‍ය පොලි­ස්පති ධුරය දැරූ අනුර සේනා­නා­යක මහතා මාධ්‍ය හමු­ව­කදී පව­ස­න්නට වූයේ එය රිය අන­තු­රක් බවයි. තාජු­ඩීන් විසින් මෝටර් රථය පද­වා­ගෙන පැමිණ ඇති බව ද ඔහු පව­ස­න්නට විය. එම මාධ්‍ය හමුව එදින පෙර­ව­රුවේ පව­ත්ව­න්නට යෙදුණේ කොළඹ නියෝජ්‍ය පොලි­ස්පති කාර්යා­ල­යේ­දීය. තාජු­ඩීන් මෝටර් රථයේ රියැ­දුරු අසු­නට යාබද අසුනේ මිය­ගොස් සිටි බව පැහැ­දි­ලි­වම දක්නට ඇතැයි එහිදී අනුර සේනා­නා­යක මහ­තා­ගෙන් විම­සන විට ‘මම දැන් එතැ­නට ගිහින් ඇස් දෙකෙන්ම හැම දෙයක්ම දැක­ලයි ආවේ. මට වඩා ඔයාල මොන­වද දන්නේ’ යනු­වෙන් කිය­මින් වැරදි මත සමා­ජ­ගත නොක­ර­න්නැයි කෝප­යෙන් පව­ස­මින් පසු­දි­නට යෙදී තිබූ රණ­විරු දිනය ගැන මාධ්‍ය හමුවේ තොර­තුරු කියා තිබුණි.

නාරා­හේ­න්පිට පොලී­සි­යෙන් මූලික විම­ර්ශන පැවැ­ත්වී­මෙන් අන­තු­රුව මේ මර­ණය ගැන විම­ර්ශන අනුර සේනා­නා­යක මහතා විසින් පව­රන්නේ කොළඹ අප­රාධ කොට්ඨා­ස­ය­ටයි. එම විම­ර්ශන ද සිදු වන්නේ තාජු­ඩීන්ගේ මර­ණය රිය අන­තු­රක් ලෙස සල­කාය. ඒ මේ මර­ණය ගැන සැක තිබි­ය­දීය.

තාජු­ඩීන්ගේ මර­ණය රිය අන­තු­රක් බවට නාරා­හේ­න්පිට පොලී­සි­යත්, කොළඹ අප­රාධ කොට්ඨා­ස­යත් සිය විම­ර්ශන ඔස්සේ පවත්වා තිබු­ණත් එය සැල­සුම් සහ­ගත ඝාත­න­යක් බව හෙළි කරන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට 2015 විම­ර්ශන භාර­වී­මත් සම­ඟිනි. යහ­පා­ලන ආණ්ඩුව බල­යට පත්වී­මත් සමඟ පෙර පැවති ආණ්ඩු සම­යේදී සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඝාතන සහ අප­රාධ රැසක විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රනු ලැබීය.

ඒ අතර තාජු­ඩීන් ඝාතන පරී­ක්ෂ­ණය ද විය. එහිදී එම අප­රා­ධ­යට සම්බන්ධ බොහෝ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි කර ගන්නේ තාජු­ඩීන්ගේ මර­ණය රිය අන­තු­ර­කින් සිදු වූ මර­ණ­යක් නොව, සැල­සුම් සහ­ගත ඝාත­න­යක් බව හෙළි කර ගනි­මිනි. එම ඝාත­න­යට මුල්වූ කරුණු, ඊට සම්බන්ධ පුද්ග­ල­යන් මෙන්ම එම අප­රා­ධය රිය අන­තු­රක් ලෙස යට ගැසී­මට සම්බන්ධ වූ පොලිස් නිල­ධා­රීන් ගැන ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර­ත්මේ­න්තුව විසින් තොර­තුරු හෙළි කර ගත්තේය. නියෝජ්‍ය පොලි­ස්පති අනුර සේනා­නා­යක මහතා පවා අත්අ­ඩං­ගු­වට පත්වන්නේ ඒ අනු­වයි. අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යෙක් ද ඊට හවුල්වී තිබුණි. අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙර ඔහු හදි­සි­යේම මිය ගියේය.

යහ­පා­ලන ආණ්ඩුව සම­යේදී ඉතා සාර්ථ­කව පැවති තාජු­ඩීන් ඝාතන විම­ර්ශන නැවත ආණ්ඩු වෙන­සත් සමඟ යට ගියේය. වත්මන් ආණ්ඩුව බල­යට පත්වන විට ජන­තා­වට දුන් පොරොන්දු අතර තාජු­ඩීන් ඝාත­නය විම­ර්ශ­නය ඇතුළු තවත් අප­රාධ විම­ර්ශන ගණ­නා­වක්ම නැවත ආරම්භ කර සැක­ක­රු­වන් නීතිය හමු­වට ගෙන එන බව සඳ­හන් විය. ඒ අනුව වසා දමා තිබූ තාජු­ඩීන්ගේ ඝාත­නය විම­ර්ශන ගොනුව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් නැවත දිග හැරි­යේය. රිය අන­තු­රක් ලෙස පෙන්ව­මින් මේ අප­රා­ධය යට ගැසී­මට උත්සාහ දැරූ බවට චෝදනා එල්ල වූ අනුර සේනා­නා­යක පවා ඒ වන විට සිටියේ මිය ගොසිනි.

මේ තත්ත්වය මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් දීර්ඝ ලෙස කරනු ලැබූ විම­ර්ශ­න­ය­කදී අනා­ව­ර­ණය කර ගන්නේ එදා තාජු­ඩීන් ඝාත­නය වීමට පෙර ඔහු ගමන් ගත් මෝටර් රථය පසු­පස හඹා ගිය ජීප් රථයේ අනුර විදා­න­ග­මගේ නොහොත් කජ්ජා නමැත්තා ද සිට ඇති බවයි. තහ­වුරු කෙරෙන සාක්ෂිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබෙන්නේ කජ්ජා ගේ බිරි­ය­ගෙනි. ඒ වසර 10කට ආසන්න කාල­යක් පුරා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­ක­යන්ට හඳුනා ගැනී­මට නොහැ­කිව තිබූ වීඩියෝ දර්ශ­න­යක සිටි පුද්ග­ලයා හඳුනා ගනි­මිනි. ඒ් හැව්ලොක් උද්‍යා­නයේ පිහිටි සුපිරි වෙළෙ­ඳ­ස­ලක ආර­ක්ෂක කැම­රා­වක සට­හන්වූ අපැ­හැ­දිලි මිනිස් රුවකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එකල මේ අපැ­හැ­දිලි රුව සහිත වීඩි­යෝව මෙන්ම ඡායා­රූප ද මාධ්‍යට නිකුත් කර­මින් හඳුනා ගැනී­මට මහ­ජන සහාය ඉල්ලා සිටි­යේය. එහෙත් ඔහුගේ බිරිය මෑත­කදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණ එම වීඩි­යෝවේ සිටින්නේ සිය සැමියා බව පව­ස­න­තුරු කිසි­ව­කුත් එම වීඩි­යෝව හඳුනා ගැනී­මට ඉදි­රි­පත් වී නොති­බුණි.

මුල සිට ඒ සම්බ­න්ධ­යෙන් සැක­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට පැව­ති­යත් එය තහ­වුරු වීමත් සමඟ තාජු­ඩීන් ඝාතන විම­ර්ශන වේග­වත් වූ බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles