29 C
Colombo
Tuesday, October 7, 2025

ලන්ඩන් නුවර පැවති විරෝධතාවයකදී පුද්ගලයින් 500ක් අත්අඩංගුවට

පලස්තීනයට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති විරෝධතාවයකදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් බලධාරීන් පවසන්නේ එම පුද්ගලයින් තහනම් සංවිධානයකට සහයෝගය පලකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

අදාල පලස්තීන හිතවාදී විරෝධතාවයේ සංවිධායකයින් වන “පලස්තීන් ඇක්ෂන්” නමැති සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනමට ලක්වූ සංවිධානයක් බව විදෙස් වාර්තාවල සදහන් වේ.

මේ අතර ඊයේ ස්පාඤඤයේ බාසිලෝනා නුවරදීද, පලස්තීන හිතවාදී විරෝධතාවක් පැවැත්වුණි.

පුද්ගලයින් 70,000ක් පමණ රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලදී පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles