ටිබෙටයේ එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ ඇති වූ දරුණු හිමපතනයක් හේතුවෙන් කඳුනගින්නන් 200කට ආසන්න පිරිසක් එහි කොටුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
අඛණ්ඩව ඇද හැළෙන අධික හිම පතනය හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ පිහිටි ටිබෙට් නිම්නය ඔස්සේ කන්ද තරණය කරන පිරිසට බලපෑම එල්ල වන්නේ පසුගිය සිකුරාදා දින සිටය.
මේ හේතුවෙන් කඳු නගින්නන් රැසක් එහි සිරවී ඇති අතර ඇතැම් පිරිස් ඒ ආසන්නයේ පිහිටි කුඩා ගම්මාන වෙත ගමන් කර තිබේ.
මෙලෙස කඳු මුදුනතේ සිටින පිරිස මුදා ගැනීමට චීන රජය මේ වන විට දැවැන්ත මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.
චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට එහි සිරවී සිටින පිරිස 200කට ආසන්න වන බවය.
මේ අතර පවතින කාලගුණික තත්ත්වය හමුවේ පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්ද අසීරු වී ඇතැයිද වාර්තා වේ.
කෙසේ නමුත් අසීරු කාලගුණය හමුවේ පවා අසල පිහිටි කුඩාන් ගම්මානය වෙත ගමන් කළ පිරිස 350කට ආසන්න වන බවත් මේ වන විට චීන මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.
චීන ජාතික දිනයට සමගාමීව දින 8කට නිවාඩුව හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතෙන් කඳු නැගීමට බොහෝ චීන ජාතිකයින් කටයුතු කරමින් සිටින අතර මෙලෙස විපතට පත්ව ඇත්තේ එලෙස කඳු නගිමින් සිටින පිරිසකි.
චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා මින් පෙර වාර්තා කර තිබුණේ කඳු නගින්නන් 1,000ක් පමණ අතරමං වී ඇති බවය.
නමුත් චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ තරණය කළ පුද්ගලයින් 350ක් පමණ ඉවත් කර ඇති බවත් තවත් පුද්ගලයින් 200ක් පමණ මේ වන සිට සම්බන්ධ කරගෙන ඇති බවත්ය.