තියුණු ආයුධවලින් පහරදී හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක යුවලක් ඝාතනය කර ඇත.
හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද මෙලෙස නිවස තුළදී කිසියම් පිරිසක් විසින් ඝාතනයට කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එම නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවල තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සදහන් වේ.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.