මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13 ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර, මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක්ද පවතින බව අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී පොලීසිය විසින් සඳහන් කර තිබෙනවා.
ඉන් අනතුරුව, අදාළ සැකකාරිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.