25 C
Colombo
Friday, June 5, 2026

මම ලබා දීපු ප්‍රකාශය විකෘති කරලා – විමල්ගෙන් පොලිසියට චෝදනාවක්

තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් දක්වා තිබේ.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවය.

එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්, 

“පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලීසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලීසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලීසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලීසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද  ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලීසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles