25 C
Colombo
Friday, June 5, 2026

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.

වැසි තත්ත්වය වැඩිවිමට හේතුවී ඇත්තේ දිවයින ආශ්‍රිත පවතින අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

මෙහි බලපෑමෙන් ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර , සබරගමුව , දකුණු , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

තද වැසි සමඟ තද සුළං ද ඇති විය හැකිය.

තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 7කට අද රාත්‍රියේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.

ගාල්ල , ගම්පහ , මහනුවර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ , මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට  ඇතුළත්.

වැසි තත්ත්වය හේතුවෙන් කදුකර ප්‍රදේශවල නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles