25 C
Colombo
Friday, June 5, 2026

ගෙවුණු පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බද්දේගම සහ ගාල්ල ගිං ගඟ ද්‍රෝණිය අවට බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් වර්ෂාව ලැබෙමින් පවතී. එසේම වැඩම වර්ෂාපතනය මිලිමීටර් 172කට ආසන්න ප්‍රමාණයක් බද්දේගමට වාර්තා වී ඇත.

එසේම කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය සහ කිරිඳි ඔයට විශාල වර්ෂාපතනයක් ලැබෙන ගංඟා ද්‍රෝණි ලෙස මේවන විට වාර්තා වේ. මේවන විටත් මහ ඔය සහ දැදුරු ඔය ගංඟා ද්‍රෝණිවල පහළ ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බද්දේගම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් එහි පහත් බිම් ජලයෙන් යටවීමට ලක්ව ඇතැයි සදහන් වේ.

රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

මේ අතර නාය යෑමේ අවදානම පැවැතිය හැකි දිස්ත්‍රික්ක කිහිපයක් පිළිබඳ කහ නිවේදනයක් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත. බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා එම දැනුම් දීම සිදු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles