25 C
Colombo
Friday, June 5, 2026

බිඳවැටුණු Online සේවාවන් සියල්ල යථා තත්ත්වයට

ශ්‍රී ලංකා රජයේ බිඳවැටීමකට ලක්ව තිබූ Lanka Govement Cloud සේවාවේ ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන් විසඳා අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බලපෑමට ලක් වූ සියලුම මාර්ගගත රජයේ සේවාවන් මේවන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවන අතර, මේ වනවිට මහජනතාවට ප්‍රවේශ විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

සිද්ධිය අතරතුර කිසිදු අවස්ථාවක දත්තවල ආරක්ෂාව හෝ අඛණ්ඩතාව අවදානමට ලක් නොවූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මහජනතාවට සහ රජයේ ආයතනවලට සහතික කර තිබෙනවා.

යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පුරාවටම ඉහළම දත්ත ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගෙන ගොස් තිබෙන අතර, කිසිදු දත්ත හානියක් වාර්තා වී නොමැති බවත්, පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ වේගයට වඩා දත්තවල ආරක්ෂණය සහ සහතික කිරීමේ ක්‍රියාවලීන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ICTA ආයතනය මෙම යථා තත්ත්වයට පත් කිරීමේ කාලය තුළදී ලබාදුන් සහයෝගය සහ සහයෝගීතාවය වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මහජනතාව වෙත සිය අවංක කෘතඥතාව පළ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles