25 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් මඟියෙක් අත උස්සයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන්යානයක් තුළදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබු UL 266 දරණ යානයේ සිටි ගුවන් මගියෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලීසිය පවසයි.

යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වු අවස්ථාවේ සියලුම ගුවන් මගීන්ට තම ආසන පටි පැළඳ අසුන් ගෙන සිටිය යුතු බවට දැනුම් දී තිබුණ ද එය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා වැසිකිළිය වෙත යාමට උත්සහ දරා ඇති අතර එහිදී මෙම ගැටුම හට ගෙන ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් විසින් යානයේ නියමුවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් සැකකාර සෞදි අරාබියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ හරහා මැලේසියාවට ගමන් කිරීමේ අරමුණින් පැමිණ ඇති එම සෞදි අරාබි ජාතිකයා 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles