25 C
Colombo
Friday, June 5, 2026

“රටම එකට ජාතික මෙහෙයුම” ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

විස මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වැනිදා පෙරවරු 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙනවා.

රට තුළ මත්ද්‍රව්‍ය හා පාතා­ලය මැඬ­පැ­වැ­ත්වී­මට ඒකා­බද්ධ මෙහෙ­යු­මක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවා­ර­ණ­යට වෙන­මම කාර්යාං­ශ­යක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමි­ණීම වැළැ­ක්වී­මට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහ­සු­කම් වර්ධ­නය කිරීම, නවීන උප­ක­රණ දීම සහ නිල­ධා­රීන් පුහුණු කිරීම මේ යටතේ සැල­සුම් කර තිබෙනවා.

මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීමේ වැඩ­ස­ට­හන් විධි­මත් කර මත්ද්‍රව්‍ය භාවි­ත­යෙන් ඔවුන් මුදා­ගැ­නී­මට, මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට දඬු­වම් දැඩි කිරී­මට සහ පාසල් දරු­වන් දැනු­ම්වත් කිරී­මට අඛණ්ඩ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට රජය විසින් පිය­වර ගෙන තිබෙනවා.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවට එක් වෙමින් පැවසුවා.

මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන තිබෙනවා.

එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles