25 C
Colombo
Friday, June 5, 2026

GovPay ඩිජිටල් ගෙවීම් බිලියනයේ සීමාව පසුකරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙයි

ඒ අනුව ඊයේ (03) දිනය වන විට ගනුදෙනු 40,920ක් ඔස්සේ රුපියල් 1,001 469 008 ක රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර මේ සඳහා රාජ්‍ය ආයතන 200ක ප‍්‍රමාණයක් එක්ව ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles