30.6 C
Colombo
Friday, June 5, 2026

හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාව‍ට

2025 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්.

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් දිනය අදයි.

හොංකොං සික්සස් බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (09) පෙරවරු 11:30ට පමණ ආරම්භ වුණා.

එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තා.

සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

ලකුණු 107ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 85ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ලකුණු 21ක් ජයගනිමින් මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles