අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරු 06.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙට සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් වර ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 06.00ට සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

