ඉන්දියානු රජය සහ ජනතාවගෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළඟා විය.
ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය බාර ගන්නා ලදී.
ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් මේ පියවර ගෙන තිබේ.

